“හායි මගේ නම ඇඩම්. මට අවුරුදු 13යි. මම තාම ඉස්කෝලෙ යනවා. මම පොඩි කාලෙදිම මගේ තාත්තා මැරුණා. එහෙම තමයි හැබැයි අම්මා නම් කිව්වේ. ඒත් මට තාත්තා ඉන්නව කියල හැඟිමක් ඇතිවෙන්නේ. කොහොම හරි දවසක් මම ගෙදර ඉන්න කොට මට අමුතුම දෙයක් වෙනවා. අම්මා දවසක් මගේ කොණ්ඩේ කැපුව, ඒත් ඊටපස්සේ දවසේ බලද්දී මෙන්න කොණ්ඩේ තිබ්බා වගේම ආයෙත් වැවිලා.මට හිතාගන්නවත් බැරි වුණා. ඒක තමයි මට මුලින් අමුතු දෙයක් වුණේ. ඊටපස්සේ ටිකෙන් ටික මගේ කකුළ් ලොකු වෙලා, මට අමුතු විදියට අහෙන්න පටන් අරන් ඒවගේ ගොඩක් දේවල් වුණා. මම මේක ගැන කාටවත් කිව්වේ නෑ. ඒත් දවසක් මට කුස්සියේ තිබිලා ලියුම් වගයක් හම්බවෙනවා. ඒ ලියුම් කගෙද දන්නවද? ඒ ලියුම් ලියලා එවලා තියෙන්නේ මගේ තාත්තා. මට හිතා ගන්නවත් බෑ. මම ඒ ලිපිනය ඔස්සේ ගියාම මට මගේ තාත්තව හොයාගන්න පුළුවන් වුණේ මිනිස්සු කවුරුවත් නැති කැළයකින්. එයා බිග්ෆුට් කෙනෙක් (බිග්ෆුට් යනු ශරීරය පුරා රෝම වැවී ඇතී ජීවින් කොට්ඨාසයකි). මට හරිම සතුටුයි මගේ තාත්තව මට දකින්න පුළුවන් වුණු එක ගැන…..”
මේ තමයි ඇඩම්ගේ කතාව ඊටපස්සේ එයාගේ තාත්තට බිග්ෆුට් කෙනෙක් වුණේ කොහොමද? කවුද එහෙම කළේ? කොහොමද ඒක වුණේ? ඇඩමුත් බිග්ෆුට් කෙනෙක්ද? ඔය ඔක්කොම ප්රශ්නවලට උත්තර චිත්රපටය නරඹලා වටහාගන්න. හරිද? ඕක තමයි කතාවේ වෙන්නේ.
Trailer
Post a Comment