Header Ads

Seo Services

Dunkirk (2017) with Sinhala Subtitle


මේ සිදුවීම වෙන්නෙ දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශික හමුදා වල ජය ගෙන්න මුල් වෙච්ච D-Day ගොඩ බෑමට (මේක අපි දැක්කනේ Band of Brothers එකෙන්. බලපු නැති අය ඒ සුපිරි කතා මාලාව බලන්න) අවුරුදු හතරකට කලින්. 1939 සැප්තැම්බර් මාසෙදි නාසි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළාට පස්සෙ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා ප්‍රංශය ආර්ථික සම්බාධක එක්ක යුද්දෙ ප්‍රකාශ කළා ජර්මනියට විරුද්ධව. British Expeditionary Force (BEF) යවනවා විය හැකි ආක්‍රමණයකින් ප්‍රංශය ගලවා ගැනීමේ අරමුණෙන්. මුළා කිරීම් වලින් පස්සෙ 1940 මැයි 10 වෙද්දි ජර්මනිය සමත් වෙනවා බෙල්ජියම, නෙදර්ලන්තය හා ප්‍රංශය ආක්‍රමණය කරන්න. මැයි 21 වෙනිදා වෙද්දි ජර්මනියෙ පැන්සර් ටැංකි වල අනපේක්ෂිත හා ඒ කාලයට සාපේක්ෂව දියුණු තාක්ෂණය හමුවේ ජර්මන් හමුදා සමත් වෙනවා, බ්‍රිතාන්‍ය BEF හමුදාව, බෙල්ජියම් හමුදාවේ ඉතිරි කොටසක් හා ප්‍රංශ හමුදා ඛණ්ඩ තුනක සෙබළුන් 400,000 ක් පමණ උතුරු ප්‍රංශයේ ඩන්කර්ක් වෙරළ හා වරායේ හිරකරන්න. මේ හිරවීම වෙන්නේ දෛවයේ සරදමකට වගේ. මොකද ඉංග්‍රීසි සමුද්‍රසන්ධිය හරහා තමුන්ගේ මව් රට පෙනී පෙනී තියෙන මොහොතක සතුරාගේ පාබල, නාවුක, ගුවන් හමුදාවේ කුරිරු ප්‍රහාරයට ලක් වෙනවා කියනකොට කවර කතා ද? ඒ ඔක්කොම ඉවසගෙන ඉන්න පුළුවන් වුණා කියමු, අහසෙන් තමුන්ගේ ඉරණම මුද්‍රිත කඩදාසි වැහි වහිනකොට?